චීනය සහ රුසියාව ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසයක
2022-12-20 15:35:56
Share with:

චීනය සහ රුසියාවේ නාවික හමුදා " ඒකාබද්ධ මුහුදු මෙහෙයුම-2022" නමැති හමුදා අභ්‍යාසයට එක්වෙයි.

හෙට(21) සිට 27වැනිදා දක්වා මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය චීනයේ Zhejiang පළාතේ Zhoshan සිට Taizhou දක්වා නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

සමුද්‍රීය ආරක්ෂක තර්ජනවලට ඒකාබද්ධ ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීම මෙන්ම, ජාත්‍යන්තර සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා, දෙපාර්ශ්වයන්ගේ අධිෂ්ඨානය හා හැකියාව මෙවර ඒකාබද්ධ හමුදා අභ්‍යාසයේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

‌එසේම නව යුගයේ චීනය සහ රුසියාව අතර පූර්ණ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය මෙමගින් තවදුරටත් පුළුල් වනු ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම