උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව
2022-12-20 10:15:34
Share with:

උත්සව සමය වෙනුවෙන් වෙළඳපළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවතින බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. පරිප්පු, තිරිගුපිටි, සිනී සහ සැමන් ඇතුඵ ආහාර ද්‍රව්‍යවල මිල අඩුකර ඇත.

කෙසේ වෙතත් ජනතාවගේ ආදායමට වඩා ආහාර සඳහා වැය කරන මුදල ප්‍රමාණාත්මකව ඉහළ අගයක් ගන්නා බව පිළිගත යුතුව ඇත. එබැවින් දේශීය නිෂ්පාදන වැඩිකර භාණ්ඩ මිල අඩු කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව ඇමතිවරයා සඳහන් කරයි.

උත්සව සමයේ පාරිභෝගික ජනතාවගෙන් ලැබෙන පැමිණිලිවල ඉහල යාමක් දැකිය හැකිය. එම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ක්‍රමවේද කිහිපයක් ඔස්සේ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුවත් කිරීමේ ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ෂණ නිලධාරි උදයකුමාර නානායක්කාර මහතා පවසයි. 1977 කෙටි දුරකථන අංකයට එම පැමිණිලි යොමු කළ හැකිය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම