චීනයෙන් නොමිලේ පාසල් නිල ඇඳුම්
2022-12-20 10:04:55
Share with:

එළඹෙන 2023 වසරේ මෙරට පාසල් සිසුන් වෙත ලබා දීම සඳහා නිල ඇඳුම් රෙදි තොගයක් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.

මෙම පරිත්‍යාගය හරහා මෙරට වාර්ෂික නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් සියයට 70ක ප්‍රමාණයක් සපුරාලීමට හැකි බවද චීන තානාපති කාර්යාලය පවසයි.

මෙලෙස පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති නිල ඇඳුම් රෙදි තොගයේ වටිනාකම රුපියල් බිලියන 5ක් පමණ වන බවද එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.

මෙම නිල ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස එළඹෙන ජනවාරි මස 06 වනදා කොළඹ වරාය වෙත ලඟාවීමට නියමිතය.

රෙදි මීටර් මිලියන 3ක් වන එය කන්ටේනර් 20ක අසුරා ඇති බව තානාපති කාර්යාලය පවසයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම