Meta සමාගම වෙළඳපල ආධිපත්‍යය අනිසි ලෙස භාවිත කර ඇති බවට යුරෝපා කොමිසමෙන් චෝදනා
2022-12-20 10:18:30
Share with:

Facebook හි මව් සමාගම වෙළඳපල ආධිපත්‍යය අනිසි ලෙස භාවිත කර ඇති බව යුරෝපා කොමිසම පවසයි.

යුරෝපා කොමිසම ඊයේ (19) මේ බව හෙළි කළේය. ඇමරිකාවේ සමාජ වේදිකාවක් වන Facebook හි මව් සමාගම වන Meta සමාගම, යුරෝපය පුරා පුද්ගලික සමාජ ජාල වෙළඳපොල සහ සමාජ මාධ්‍ය මාර්ගගත වෙළඳ ප්‍රචාරණ වෙළඳපොලේ ආධිපත්‍යය දරයි. එහෙත් Meta සමාගම ප්‍රතිවාදීන් ගේ අවස්ථා අහුරමින් සිය සබැඳි ලුහුඬු දැන්වීම් සේවාව එහි සමාජ ජාලයට සම්බන්ධ කර ඇත. එසේම, Facebook හෝ Instagram හි දැන්වීම් පළ කරන තරඟකාරී මාර්ගගත ලුහුඬු දැන්වීම් සේවාවන් සඳහා Meta සමාගම ඒකපාර්ශ්විකව අසාධාරණ වෙළඳ කොන්දේසි පනවා ඇති බවට ද චෝදනා එල්ල වේ.

එම ක්‍රියාවන් යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 102 වගන්තිය උල්ලංඝණය කිරීමක් වන අතර එම වගන්තිය වෙළඳපල ප්‍රමුඛ තත්ත්වය අනිසි ලෙස භාවිත කිරීම තහනම් කරන බව යුරෝපා කොමිසම කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම