‘එක් තීරයක් එක් මාවතක්’ පුවත් සහයෝගතා සන්ධානයේ දෙවන කෘත්‍යාධිකාරී රැස්වීම බෙයිජිං අගනුවර දී
2022-12-20 11:03:14
Share with:

‘එක් තීරයක් එක් මාවතක්’ පුවත් සහයෝගතා සන්ධානයේ දෙවන කෘත්‍යාධිකාරී රැස්වීම පැවැත්වේ.

බෙයිජිංහි ඊයේ(19) පැවති එම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, එම මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානි ලී ෂූලෙයි මහතා වීඩි‍යෝ ආකාරයෙන් එක්වෙමින් දේශනයක් පැවැත්වීය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ, ඉහළ ගුණාත්මක සංවර්ධන ජයග්‍රහණ උදෙසා විවිධ රටවල මාධ්‍ය ආයතන සමගියෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ලී ෂූලෙයි මහතා එහිදී පැවසීය.

‘එක් තීරයක් එක් මාවතක්’ පුවත් සහයෝගතා සන්ධානයේ රටවල් 23ක සාමාජික ආයතන 38‍ නියෝජිතයෝ මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් රැස්වීමට එක් වූහ. තම සන්ධානයේ කාර්යභාරය මැනැවින් ඉටු කිරීම, මානව හා සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය සහ මහජන සන්නිවේදනය පිළිබඳව ඔවුහු අදහස් දැක්වූහ. 

රැස්වීමට සමගාමීව ප්‍රථම ජාත්‍යන්තර සන්නිවේදන ‘සේද මාවත සම්මානය’ ද පිරිනැමිණ. මාධ්‍ය නිර්මාණ නවයකට එහිදී සම්මාන හිමිවිය.

‘එක් තීරයක් එක් මාවතක්’ පුවත් සහයෝගතා සන්ධානයේ පළමු කෘත්‍යාධිකාරී රැස්වීම පැවැත්වුණේ 2019 වසරේ අප්‍රේල් මාසයේ දී ය.

ගුවන් විදුලිය
20230320සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම