"මැකෞව් ශිෂ්‍ය විද්‍යාව ප්‍රචලිත කිරීමේ චන්ද්‍රිකා අංක 1" සාර්ථකව නිකුත් කෙරේ
2022-12-20 16:28:29
Share with:

Tianzhou-5 ප්‍රවාහන රොකට්ටුව මගින් "මැකෞව් ශිෂ්‍ය විද්‍යාව ප්‍රචලිත කිරීමේ චන්ද්‍රිකා අංක 1" සාර්ථකව නිකුත් කෙරේ. දෙසැම්බර් 20 වන දින මැකෞව්  චීන මව්බිමට යළි එක්වීමේ 23 වැනි සංවත්සරයයි. එය සැමරීම සඳහා පැවති විශේෂ උත්සවයකට එක් වෙමින් චීන මැකෞව් විශේෂ පරිපාලන කලාපීය ප්‍රධාන විධායක නිලධාරී Ho Iat-seng මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය 18 වැනිදා Tianzhou-5 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ඔස්සේ එය සාර්ථකව උඩු ගුවනට මුදා හැරුණු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. එය කිලෝග්‍රෑම්  12ක් බරැති 8U ආකාරයේ කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවකි. Tianzhou-5 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයෙන් සිදු කෙරුණු එම මෙහෙයුමේ ප්‍රධාන කාර්යය මැකෞව්හි තරුණ සිසුන් අතර චන්ද්‍රිකා විද්‍යාව ප්‍රචලිත කිරීමේ පුහුණු වේදිකාවක් සැපයීමයි. එමගින් භූ ඡායාරූපකරණය, ගුවන් විදුලි සන්නිවේදන අත්දැකීම් ලබා ගැනීම යන අභ්‍යවකාශ විද්‍යාව ප්‍රචලිත කිරීමේ ක්‍රියාකාරකම් සංවිධාන කෙරේ.

 

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම