ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය චීනයේ නිල සංචාරයක
2022-12-20 09:36:41
Share with:

ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය චීනයේ  නිල සංචාරයක නිරතවෙයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ ඔස්ට්‍රේලියා විදේශ ඇමතිනී Penny Wong මහත්මිය අද(20) සිට හෙට(21) දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇති බවයි. චීන ඔස්ට්‍රේලියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සර හෙටට(21) යෙදේ. එම සංචාරයේ දී චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා Penny Wong සමග නව වටයේ චීන-ඔස්ට්‍රේලියා රාජ්‍යතාන්ත්‍රික හා උපාය මාර්ගික සංවාදය පවත්වනු ඇත. මෙවර සංචාරය ඔස්සේ දෙරටේ නායකයන් Bali දූපතේ දී එළඹි එකඟතාවන් තවදුරටත් ක්‍රියාවට නංවමින්, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය මත සංවාද ශක්තිමත් කිරීම, සහයෝගිතා පුළුල් කිරීම හා මතභේද පාලනය කිරීම මගින් ද්විපාර්ශ්වික සබඳතාව යළි නිවැරදි මාර්ගයේ තිරසරව  ප්‍රවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම