දකුණු අප්‍රිකානු ජනපති යළිත් එරට පාලක පක්ෂයේ සභාපතිත්වයට
2022-12-20 09:44:58
Share with:

දකුණු අප්‍රිකාවේ පාලක පක්ෂය වන, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ  සභාපති මෙන්ම එරට ජනාධිපති  සිරිල් රම්ෆෝසා මහතා, වසර පහක දෙවන ධුර කාලයක් සඳහා පක්ෂ නායකත්වයට යළි තේරී පත්වෙයි.  මැතිවරණ ප්‍රතිඵල ඊයේ (19) නිකුත් කරනු ලැබීය.

රම්ෆෝසා මහතා ඡන්ද 2,476 ක් ලබා ගත් අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ Sweli Mkize  මහතා ඡන්ද 1,897 ක් ලබා ගත්තේය.

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ මෙවර ජාතික සමුළුවට රට පුරා නියෝජිතයෝ 4,500 ක පමණ පිරිසක් සහභාගි වූහ. එය වසර පහකට වරක් පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම