අද(20) ජාත්‍යන්තර සමගි දිනය වේ. සමගිය යනු 21වැනි සියවසේ ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි මූලික වටිනාකම්වලින් එකකි. ගෙවී ගිය මාස කිහිපයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විවිධ අවස්ථාවලදී සමගියේ වටිනාකම ඉස්මතු කර ඇත.
පසුගිය නොවැම්බර් මස 15වැනි දා ෂී ජින් පිං ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේ බාලි දූපතේ ජී-20 කණ්ඩායමේ 17වන නායක සමුළුවට එක් විය. "උක් ගස් වැවෙන්නේ එකම තැනක. පැඟිරි ගෙඩි හැදෙන්නේ පොකුරු වශයෙන්." යනුවෙන් හෙතෙම එහිදී එරට පිරුළක් උපුටා දක්වමින්, අර්බුද හමුවේ රටවල් අතර පවතින සමගිය හා සහයෝගිතාවේ වැදගත්කම අවධාරණය කළේ ය.
ඉන් අනතුරුව චීන ජනාධිපතිවරයා තායිලන්තයේ බැංකොක් නුවර පැවති එපෙක් සංවිධානයේ 29වැනි නායක සමුළුවට සහභාගි විය. එම අවස්ථාවේදී හෙතෙම සමගියේ වටිනාකම යළි අගය කළේ ය. ගෙවුණු දශක කිහිපයේ ආසියා-පැසිෆික් කලාපය සීග්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගෙන තිබේ. එම කලාපයේ රටවල් එකිනෙකට ගරු කරමින් සමගිය හා සහයෝගිතාව පවත්වමින් සාමකාමී වර්ධන පරිසරයක් නිර්මාණය කිරීමට සමත් ව ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය.
පසුගිය දෙසැම්බර් මස 9වැනි දා හෙතෙම සෞදි අරාබියේ රියාද් නුවර පැවති පළමු චීන-අරාබි රටවල නායක සමුළුව අමතමින් කියා සිටියේ චීනය හා අරාබි රටවල් සමගිය හා සහයෝගිතාව වඩාත් ශක්තිමත් කළ යුතු බවයි.
හවුල්කරුවන් යනු සැපතෙහි එකට සතුට භුක්ති විඳින අය පමණක් නොව දුකෙහි දී අත්වැල් බැඳගෙන එකට ඉදිරියට ගමන් කරන අය යැයි චීන ජනාධිපතිවරයා වරෙක පැවසීය. තවත් වරෙක හෙතෙම කියා සිටියේ සමගිය තුළින් ශක්තිය උපදින බවත්, ජයග්‍රහණය කළ හැක්කේ සමගියෙන් පමණක් බවත් ය. වර්ථමානයේ ජගත් ප්‍රජාව විවිධ ප්‍රශ්නවලට මුහුණ දී සිටී. චීන ජනාධිපතිවරයා එම ප්‍රශ්නවලින් නිදහස් වීමට සුදුසු පිළිතුරක් ලබා දී තිබේ.