ඊශ්‍රායල- පලස්තීන ගැටළුවට රටවල් දෙකේ විසඳුම ක්‍රියාත්මක කිරීමට චීනයේ පූර්ණ සහාය
2022-12-20 09:55:38
Share with:

ඊශ්‍රායල - පලස්තීන ගැටළුවට රටවල් දෙකක විසඳුම ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චන්ග් ජුන් මහතා පෙන්වා දෙයි. පලස්තීන - ඊශ්‍රායල ගැටළුව දශක 7 කට අධික කාලයක් පුරා එක්සත් ජාතීන්‌ගේ න්‍යාය පත්‍රය තුළ පවතින්නකි. සාධාරණත්වය සහ තම පොරොන්දු ක්‍රියාවෙන් ඉටු කිරීමට හෘද සාක්ෂිය මත පෙනී සිටින ලෙසට සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව චීන නියෝජිතයා කියා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක කවුන්සිලය රටවල් දෙකේ විසඳුම ඉදිරියට ගෙන යාමට සැලකිය යුතු පියවර ගනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

පලස්තීනයට සහ ඊශ්‍රායලයට සාමයෙන් ජීවත්වීමට හැකි වන පරිදි පලස්තීන ජනතාවට ඔවුන්ගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් ප්‍රතිස්ථාපනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සහාය විය යුතු බවට එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චන්ග් ජුන් මහතා පෙන්වා දුන්නේ පලස්තීන ප්‍රශ්ණය ඇතුළු මැදපෙරදිග තත්ත්වය පිළිබඳ ආරක්ෂක මණ්ඩලය පැවැත්වූ රැස්වීමකදී ය. රටවල් දෙකේ විසඳුම ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය පළ කරයි. පලස්තීන ජනතාවට සිදුවූ ඓතිහාසික අසාධාරණය සදාතනිකව පවත්වා ගත නොහැක. ඔවුන්ගේ නීත්‍යනුකූල ජාතික අයිතිවාසිකම් ගනුදෙනුවක් බවට පත් කළ නොහැකි යැයි ද චීන නියෝජිතයා අවධාරණය කළේය .

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම