චීන - Côte d'Ivoire රාජ්‍ය ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්
2022-12-20 19:25:02
Share with:

චීන ජනාධිපතිවරයා Côte d'Ivoire ජනපති සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි

ඉල්ලීමකට අනුව ජනාධිපති ෂී ජින්පිං මහතා Côte d'Ivoire ජනාධිපති Alassane Ouattara මහතා සමඟ අද (20) පස්වරුවේ දුරකථන සංවාදයක නිරත විය.

Côte d'Ivoire රාජ්‍යයද එකම චීනය යන මූලධර්මය දැඩි ලෙස පිළිපැදීම ඉතා ඉහළින් අගයකරන චීනය, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැඹුරු කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජීන් පීං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අප්‍රිකාවේ සංවර්ධනයට සහාය වීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරීම සහ චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට චීනය අඛණ්ඩ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ෂීජීන්පීං මහතා එම දුරකථන සංවාදයෙන් පෙන්වා දුන්නේය .

එකම චීනය යන මූලධර්මයට තදින්ම අවනතවන Cote d Ivoir රාජ්‍ය, බහු පාර්ශ්වික වාදයට ස්ථිරව සහාය දෙන අතර එක් තීරයක් එක් මාවතක් මුලපිරීම සඳහා සක්‍රීයව සහාය දක්වන බව ද ජනාධිපති Alassane Ouattara මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම