යුදවාදී සංකල්ප ප්‍රතික්ෂේප කරමින් සාමකාමී සංවර්ධන ගමනක නිරත චීනය ලොවටම ආදර්ශයක්
2022-12-20 10:16:38
Share with:

චීනය පසුගිය දශක හතක කාලයක් පුරා සිය ක්‍රමෝපායන් ප්‍රයෝජනයට ගෙන ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාගෙන තිබේ. මිලියන හත්සියයක පමණ ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් මුදවාගෙන ඒක පුද්ගල ආදායම ඉහළ නංවා ගැනීමට ඔවුන් සමත්ව තිබේ. විශේෂයෙන්ම 1949න් පසුව පස්අවුරුදු සැලසුම් ඉදිරිපත් කරමින් කාලානුරූපිව ඒවා යාවත්කාලීන කරමින් ඉලක්ක සපුරාගැනීමට චීනය කටයුතු කළ අතර, 2020න් පසුව නවෝත්පාදන ඔස්සේ ආදර්ශවත් නවීකරණයක් කරා යමින් බොහෝ ප්‍රතිඵල නෙලා ගැනීමට සමත්ව ඇතැයි චීන ශ්‍රී ලංකා සංස්කෘතික සහයෝගීතා සංගමයේ උප සභාපති නීතීඥ රසංග හරිස්චන්ද්‍ර මහතා පවසයි.

ඊනියා බටහිර නවීකරණය පොදුවේ සමස්ත ලෝකයට අදාළ නොවන බව මුලින්ම හදුනාගනු ලැබූයේ චීනයයි. නවීකරණය සඳහා පොදු සමෘද්ධිය සම්බන්ධ සංකල්පය ඉදිරිපත් කරනු ලැබුයේ ද චීනයයි. එය ‘සේද මාවත’ මගින් එය පෝෂණය වූ බව ද හෙතෙම කියා සිටී.

සාමකාමී තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කරන චීනය යුදවාදී සංකල්ප ප්‍රතික්ෂේප කරයි. අප්‍රිකානු කලාපීය මෙන්ම ආසියානු කලාපීය රටවල් සිය සංවර්ධනයන් සඳහා චීනයේ නව ප්‍රතිපත්ති සහිත විවෘත වෙළදපල සංකල්ප ආදර්ශයට ගනිමින් සිටින අතර, ඒ කෙරෙහි ඇතැම් බටහිර රටවල ප්‍රසාදයක් නොදක්වයි. එබැවින්, බටහිර රටවල් මාධ්‍ය හරහා මතවාද පැතිරවීමට කටයුතු කරයි.

චීනය සහජීවනය තුළින් ඔවුන්ගේ දැනුම ලෝකය සමග බෙදාගනී. ලෝකය පුරා සම්පත්, තාක්ෂණය සමාන ආකාරයෙන් බෙදා දීමට උත්සාහ දරන බවද නීතීඥ රසංග හරිස්චන්ද්‍ර මහතා පෙන්වා දෙයි. ෂී ජින්පිං ජනාධිපතිවරයා අන්ත දරිද්‍රතාව තුරන් කිරීමට ගත් උත්සාහය සෙසු රටවලට ද ආදර්ශයක් බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම