ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ (COP15) පාර්ශ්වයන්ගේ 15 වැනි සමුළුවේ දෙවන අදියරේදී යෝජනා 60 කට වඩා වැඩි සංඛ්‍යාවක් සම්මත වෙයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී එම රැස්වීමේ ප්‍රතිඵල සහ සත්කාරක රට ලෙස චීනයේ කාර්යභාරය හදුන්වා දුන්නාය.
දෙසැම්බර් 7 සිට 19 දක්වා, කැනඩාවේ මොන්ට්‍රියල් නුවරදී එම සමුළුවේ දෙවන අදියර සාර්ථකව පැවැත්විණ.
චීන ජනාධිපති ෂී ජීන් පීං මහතා ඉහළ පෙළේ සැසියේ සමාරම්භක උත්සවය අමතමින් වීඩියෝ දේශනයක් පැවැත්වීය. සමුළුවේ අවසාන සාධනීය ප්‍රතිඵලය සඳහා වැදගත් දේශපාලන ප්‍රවේශයක් සැපයීමට එම දේශනය සමත් විය. COP15 හි සභාපති රට ලෙස චීනය දේශපාලන නායකත්වයේ ක්‍රියාකාරී සේවයක් ඉටුකර ඇතැයි Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.