ජීව අවි තහනම් කිරීමේ සම්මුතියට චීනයේ පූර්ණ දායකතවය
2022-12-19 17:55:00
Share with:

ජීව අවි තහනම් කිරීමේ සම්මුතිය පිළිබඳ වැඩිදුර විමසා බැලීම සඳහා පැවති 9වන සමුළුවට චීනය සක්‍රිය දායකත්වයක් ලබා දෙයි.

පසුගිය 16වැනි දා ජිනිවා හි අවසන් වූ එම සමුළුවේදී ගෝලීය ජෛව ආරක්ෂණ කළමනාකරණය පිළිබඳ ලේඛන සම්මත කෙරිණ. එම ප්‍රගතිය චීනය පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියා ය . එමෙන් ම චීනය මෙවර සමුළුවට එක් වෙමින් එම ලේඛන සම්මත කිරීමට වැදගත් දායකත්වයක් ලබා දී ඇතැයි ද ඇය එහිදී පැවසුවා ය. ජීව අවි තහනම් කිරීමේ සම්මුතිය නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, ජීව විද්‍යා තාක්ෂණ සාමකාමී ලෙස පරිහරණය කිරීම හා බෙදා ගැනීම ඇතුළු කරුණු පිළිබඳව චීනය යෝජනා ඉදිරිපත් කර තිබේ. චීනයේ මුලපිරුම යටතේ සම්මත වූ ”විද්‍යාඥයන්ගේ ජෛව ආරක්ෂණ ක්‍රියා පිළිවෙත පිළිබඳ Tianjin උපදේශන” පුළුල් ඇගයීමකට ලක් ව ඇත. චීනයේ වැඩි දායකත්වයක් හිමි එවන් ලේඛන, ජීව අවි තහනම් කිරීමේ සම්මුතියට අත්සන් තැබූ රටවල් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල කැමැත්ත පිළිබිඹු කිරීමක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළා ය.

 


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම