ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාව මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව ජනපති කියයි
2022-12-19 10:20:19
Share with:

ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාව මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිලකට පක්ෂපාතී නොවී සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කළ යුතුය. එමගින් ශ්‍රී ලංකාව යහපත් ලෙස ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තැබිය හැකිය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙලපාලියට එක්වෙමිනි. එහිදී පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් 351 දෙනෙකු අධිකාරියට පත් කෙරිණ. විදේශ රටවල් හතරක කැඩෙට් නිලධාරීන් ද ඒ අතර වීම විශේෂත්වයකි. අභ්‍යන්තර හා බාහිර බලපෑම්වලින් රට ආරක්ෂා කර ගැනීම ආරක්ෂක අංශවල වගකීම බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම