වගා නොකරන සියලු කුඹුරු ඉඩම් 2023 වසරේ සිට වසර පහක් දක්වා රජයට පවරා ගැනීමේ තීරණයක්
2022-12-19 10:15:06
Share with:

වගා නොකරන සියලු කුඹුරු ඉඩම් 2023 වසරේ සිට වසර පහක් දක්වා රජයට පවරා ගෙන වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි.

මෙතෙක් වගා කර නොමැති කුඹුරු ඉඩම් අක්කර ලක්ෂයක් පවතී. 2023 වසරේ දී එම සියලු කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

රටේ වගා නොකළ සෑම ඉඩමක්ම වගා කිරීමට රජය තීරණය කර ඇති බැවින් ඉඩම් නොමැති තරුණ ප්‍රජාවට වගා කිරීම සඳහා වසර පහකට පවරා දීමට හැකි වන පරිදි ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වසර පහකට පසු එම ඉඩම් අයිතිකරුවන්ට අදාළ ඉඩම් වගා කළ පිරිස් සමග එකඟතාවක් යටතේ අවශ්‍ය නම් වගා කිරීමට හැකි වන අතර වගා නොකරන්නේ නම් ඉඩම් අයිතිකරුවන්ට බිම් කුළිය වශයෙන් ලැබෙන අස්වැන්නෙන් කොටසක් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම