චීනයේ ප්‍රථම ස්වදේශික මගී ජෙට්ලයිනර් ගුවන් යානය විදේශීය වෙළඳපොළට පිවිසෙයි
2022-12-19 15:19:27
Share with:

චීනයේ දේශීයව සංවර්ධනය කරන ලද ප්‍රථම මගී ජෙට්ලයිනර් යානය විදේශ වෙළඳපොළට නිකුත් කෙරේ. එම ARJ21, ජෙට්ලයිනර් යානය ඉන්දුනීසියානු ගුවන් සමාගමක් වන TransNusa සේවාලාභියා වෙත ඊයේ (18) භාර දෙන ලදී.

එම ගුවන් යානය ආර්ථික පන්තියෙන් සමන්විත ආසන 95 කින් නිර්මාණය කර ඇත. එහි පිටත මුද්‍රණය නිල්, කහ, කොල පැහැයෙන් යුක්ත බව චීන‌යේ වාණිජ ගුවන්සේවා පුද්ගලික සමාගම පැවසීය.චීනයේ දේශීයව සංවර්ධනය කරන ලද ARJ21 කලාපීය ගුවන් යානා කිලෝමීටර 3,700 දක්වා පරාසයක පවතී.මේ වන විට, ARJ21 ගුවන් යානා 100 කට ආසන්න ප්‍රමාණයක් සිය සේවාදායකයින් වෙත ලබා දී තිබේ. නගර 100 කට වැඩි, ගුවන් මාර්ග 300 කට අධික සංඛ්‍යාවක එම යානා ක්‍රියාත්මක කෙරේ. ඒ ඔස්සේ  මගීන් මිලියන 5.6 කට වඩා ප්‍රවාහනය කරන බව චීන වාණිජ ගුවන් සේවා පුද්ගලික සමාගම සදහන් කර සිටී.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම