මෙම වසරේ චීන ආර්ථිකයේ සමස්ත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 120 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ
2022-12-19 15:55:32
Share with:

මෙම වසරේ චීන ආර්ථිකයේ සමස්ත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 120 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මුදල් හා ආර්ථික කමිටු කාර්යාලය පසුගියදා මේ බව ප්‍රකාශ කළේය.

මෙම වසරේ චීනයේ ආර්ථික වර්ධනය සහ වසර ආරම්භයේ අපේක්ෂිත ඉලක්කය අතර පරතරයක් පවතින නමුත් වෙනත් බොහෝ දර්ශක යහපත් ලෙස සම්පූර්ණ කර ඇත. චීනයේ සමස්ත රැකියා තත්ත්වය ස්ථාවර වන අතර කාර්මික වැඩිදියුණු කිරීමේ ධනාත්මක ප්‍රගතියක් ලබා තිබේ. චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදන, විකුණුම් සහ අපනයනය ලොව පළමු ස්ථානයට පත්ව ඇත. විශේෂයෙන්ම, නව බලශක්ති වාහන අපනයන සංඛ්‍යාව ලක්ෂ 7කට ආසන්න වූ අතර එය දෙගුණයකටත් වඩා වැඩි වීමකි. ධාන්‍ය නිෂ්පාදනය අඛණ්ඩව වසර අටක් පුරා කිලෝග්‍රෑම් බිලියන 650 ඉක්මවා පවතී. ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක පවතින අතර චීනයේ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3ක් අභිබවා ඇත. එසේම, ගෝලීය උද්ධමනය වසර 40කට වැඩි කාලයකට පසුව ඉහළ මට්ටමකට පැමිණි අවස්ථාවක ද, චීනයේ භාණ්ඩ මිල ස්ථාවරව පැවති අතර පාරිභෝගික මිල ගණන් 2%කින් පමණ ඉහළ ගියේය. ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව සහ ජනතාවගේ ජීවනෝපාය යන සියල්ල ඵලදායී ලෙස සහතික කිරීමට චීන ආර්ථිකයට හැකි වී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම