බෙයිජිං යෝධ පැන්ඩා පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වේ
2022-12-19 16:53:42
Share with:

බෙයිජිං යෝධ පැන්ඩා පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානය පිළිබඳ ව්‍යාපෘතිය අද(19) චීනයේ බෙයිජිං හි Fangshan දිස්ත්‍රක්කයේ Qinglonghu කෝරළයේ හි ආරම්භ කෙරිණ.

මෙම ව්‍යාපෘතියේ සැලසුම්ගත භූමි ප්‍රමාණය අක්කර 330ක් පමණ වේ. දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන්ගේ ආරක්ෂාව සඳහා, යෝධ පැන්ඩා අභිජනනය, විද්‍යාත්මක පර්යේෂණ, විද්‍යා අධ්‍යාපනය, ජාත්‍යන්තර සන්නිවේදනය යන බහු-ක්‍රියාකාරී ආදර්ශන මධ්‍යස්ථානයක් ඉදිකිරීම එහි ඉලක්කයයි.

මෙම මධ්‍යස්ථානයෙන් යෝධ පැන්ඩාවන් 50 ක් සහ වෙනත් උප ප්‍රභේද හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර, යෝධ පැන්ඩා අභිජනනය සහ අනෙකුත් අංශ පිළිබඳව ගැඹුරු සහ ක්‍රමානුකූල විද්‍යාත්මක පර්යේෂණ සිදු කරනු ඇත.

2024 අවසානය වන විට මෙම මධ්‍යස්ථානය තුළ අත්හදා බැලීමේ මෙහෙයුමක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. සම්පූර්ණ ක්‍රියාකාරිත්වයෙන් පසු මහජනතාව සඳහා එය විවෘත වනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම