තොරතුරු නිරීක්ෂණ චන්ද්‍රිකා සංවර්ධනයට උතුරු කොරියාවෙන් වැදගත් පරීක්ෂණයක්
2022-12-19 11:17:36
Share with:

උතුරු කොරියානු ජාතික විශ්ව ගවේෂණ දෙපාර්තමේන්තුව ඊයේ(18) දිනයේ SEOHAE චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ දී තොරතුරු නිරීක්ෂණ චන්ද්‍රිකා සංවර්ධනයේ අවසන් අදියර පිළිබඳ වැදගත් පරීක්ෂණයක් සිදු කළ බව උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය වාර්තා කරයි.

චන්ද්‍රිකා නිකුත් කිරීමේ උපකරණ රැගත් ප්‍රවාහකයක් කිලෝමීටර් 500ක් උසට නිකුත් කර, අනුකරණ කරන ලද අභ්‍යවකාශ පරිසරයක අදාළ දර්ශක විශ්ලේෂණය කිරීම සිදු කෙරිණ.

වසර 2023 අප්‍රේල් මාසය වන විට පළමු හමුදාමය තොරතුරු නිරීක්ෂණ චන්ද්‍රිකාව සූදානම් කිරීමේ කටයුතු අවසන් කරන බව උතුරු කොරියානු විශ්ව ගවේෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම