තම රට කිසිවි‍ටෙකත් ආහාර අර්බුදය දේශපාලනීකරණයට ලක් නොකරන බව රුසියාව කියයි
2022-12-19 10:28:38
Share with:

තම රට කිසිවි‍ටෙකත් ආහාර අර්බුදය දේශපාලනීකරණයට ලක් කිරීමට තැත් කර නැතැයි රුසියාව පවසයි.

රුසියානු ෆෙඩරල් කවුන්සලයේ සභාපතිනි Valentina Ivanovna Matviyenko මහත්මිය මේ බව පැවසුවේ එරට C1R රූපවාහිනී වැඩසටහනක් අමතමිනි.

ඇය පවසන්නේ බටහිර රටවල්, ගෝලීය ආහාර අර්බුදය, ආහාර මිල ඉහළ යාම යන ගැටළු රුසියාවට පැවරීමට දරන උත්සාහයන් නිෂ්ඵල වනු ඇති බවයි. මෙය එවැනි රටවල දේශපාලනමය උපක්‍රමයක් බව ඉතා පැහැදිලි ය. රුසියාව, කිසිවි‍ටෙකත් ආහාර අර්බුදය දේශපාලනීකරණයට ලක් කිරීමට තැත් කර නොමැති අතර අනාගතයේදී ද එය එලෙසම පවතිනු ඇති බව රුසියානු ෆෙඩරල් කවුන්සල සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම