තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් " Sukhotai " යුධ නෞකාව මුහුදුබත් වෙයි
2022-12-19 15:19:35
Share with:

තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් " Sukhotai " යුධ නෞකාව අනතුරට ලක්වෙයි.

ඊයේ (18) රාත්‍රී 11.30 ට පමණ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් “Sukhotai”යුධ නෞකාව තායිලන්තයේ  Prachuap Khiri Khan පළාතට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී ගිලී ගියේය. එරට නාවික හමුදාව අද (19) පෙරවරු 7 ට නිකුත් කළ මුදවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු වලට අනුව, එම නෞකාවේ සිටි නාවික හමුදා නිලධාරීන් සහ සෙබළුන් 106 දෙනෙකු අතරින් 78 දෙනෙකු බේරා ගෙන ඇත. ඊට අමතරව, තවත් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතාරක්ෂක බෝට්ටුවල මුහුදේ පාවෙමින් සිටින අතර, ඉන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තාවේ.

අදාළ අනතුර පිළිබද දැන ගනීමෙන් පසු තායිලන්ත නාවික හමුදාව සහ‌න මෙහෙයුම් සඳහා  නෞකා සහ හෙලිකොප්ටර්  යානා එම මුහුදු ප්‍රදේශයට වහාම යොමු කර ඇත. මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම