නව යුගයේ චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශක්තිමත් පරිච්ඡේදයක් චීන ජනාධිපති කියයි
2022-12-19 20:49:19
Share with:

නව යුගයේ චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාවිතය නව පරිච්ඡේදයක්" යන මැයෙන් චීන ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් ලිපියක් ප්‍රකාශයට පත් කරයි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමේ 40 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරයි. පසුගිය වසර 40 තුළ, එම ව්‍යවස්ථාව නීතියේ පාලනය දැඩි ලෙස ප්‍රවර්ධනය කර ශක්තිමත් කර තිබේ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චීන කොමියුනිස්ට් පක්ෂය සහ රාජ්‍යයේ අරමුණ ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කර සහතික කර ඇතැයි ෂී ජීන් පීං ජනාධිපතිවරයා මෙකී ලිපියේ සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කර ප්‍රවර්ධනය කිරීමෙන්, නවීන සමාජවාදී රටක් පුළුල් ලෙස ගොඩනැගීමට සහ චීන ජාතියේ මහා පුනර්ජීවනය පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමට ශක්තිමත් සහතිකයක් ලබා දිය හැකි යැයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

වෙහෙසකර ගවේෂණ සහ භාවිතයන් තුළින්, චීන කොමියුනිස්ට් පක්ෂය සුවිශේෂී සමාජවාදී ,සැබෑ අර්ථයෙන් ජනතා නියෝජනයක් සහිත ව්‍යවස්ථාවක් සාර්ථකව සකස් කොට ක්‍රියාත්මක කළේය. චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධනයේ සහ ලෝක ව්‍යවස්ථා පද්ධතියේ ඉතිහාසය තුළ පෙරළිකාර වැදගත්කමක් වූ මෙය නීතියේ පාලනය තුළ මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සඳහා ප්‍රඥාව සහ විසඳුම් සහතික කොට තිබේ.

පක්‍ෂයේ නායකත්වය යටතේ සකස් කරන ලද එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය පොදු ජනතා අභිලාශයන්ට අනුකූල බැවින් බහුතර කැමැත්ත ද ඉන් පිළිබිඹු කර ඇත.  අතිමහත් බහුතරයකගේ සහයෝගය සහ අනුකූලතාව දිනා ඇති එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශක්තිමත් පදනමක් සහ ජීව ගුණයක් සහිත වූවක් බව ෂී ජීන් පීං මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම