ලොව වැඩිම ජනගහනයක් සහිත රට වන්නේ චීනයයි. චීනය නවීකරණය වීම විශාල ජන කොට්ඨාසයක නවීකරණයක් ලෙසට ද පෙන්වා දිය හැකිය. චීනයේ අනාගත නවීකරණ ගමන් මග චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ දී අවධානයට යොමූ වූ ප්‍රධාන කරුණකි.පොදු සමෘද්ධිය, සංස්කෘතිය හා ආචාර ධර්මවල දියුණුව, මනුෂ්‍යත්වය සහ සොබාදහම අතර සමගිය මෙන්ම සාමකාමී සංවර්ධනයක් ළඟා කර ගැනීම මඟින් තම දියුණුව ඇති කර ගැනීම නවීකරණය සඳහා වඩා යෝග්‍ය වන බවත්, චීනය එවැනි ප්‍රවේශයකට පිවිස ඇති බවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය මයුරී පී මදුසංඛ මෙනවිය ප්‍රකාශ කළාය.
චීන නවීකරණයේ එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සාමකාමී සංවර්ධනයයි. සාමකාමී සංවර්ධනය සඳහා චීනයේ කැපවීම පිළිබඳ එක් උදාහරණයක් නම්, ලෝක සාමය සංවර්ධනය සඳහා නව ජවයක් ගෙන දුන් ගෝලීය ආරක්ෂක මුලපිරීමයි. මේ සඳහා රටවල් 70කට අධික සංඛ්‍යාවකගේ ඇගයීම සහ සහයෝගය ලබා ගැනීමට චීනයට හැකිව ඇත. චීනය නවීකරණය සඳහා දරන උත්සාහය යනු සෙසු ලෝකය සඳහා ඵලදායී අවස්ථාවන් උදා කර දීමක් බව මනාව පැහැදිලි වන්නේ යැයි ද කථිකාචාර්යවරිය පෙන්වා දෙයි.
නිරපේක්ෂ දරිද්‍රතාවය පාලනය කර, මධ්‍යම ආදායම්ලාභී කණ්ඩායම සැළකිය යුතු ලෙස පුළුල් කර, සමෘද්ධිමත් සමාජයක් ගොඩ නගමින්, සෑම අතින්ම නවීන රටක් ගොඩ නැගීමේ ගමනක් චීනය ආරම්භ කර ඇත. 2020 සිට 2035 දක්වා කාලය තුළ නවීකරණය විෂයෙහි වැඩි අවධානයක් ලබා දීමට චීනය බලාපොරොත්තු වේ. මෙම නවීකරණ ක්‍රියාවලායේ දී චීනය සිය සංවර්ධන ක්‍රියාදාමයන්හි පරිවර්තනයන් සිදු කිරීම මෙන්ම ලොව සියලු රටවල් සමඟ සම්බන්ධතාවයන් ද විවෘත කරනු ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.