මැතිවරණයකට ගොස් මසකට ආසන්න කාලයක් ගත වී ඇති බැවින්, ඉදිරි දින හත ඇතුළත නව ඒකාබද්ධ රජයක් පිහිටුවීමට එක් වන ලෙස නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි භණ්ඩාරි එරට දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.
නොවැම්බර් 20 වැනි දින පැවති මහ මැතිවරණයෙන් ෆෙඩරල් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ පළාත් සභා හතේ බහුතර ආසන සංඛ්‍යාවක් තනි පක්ෂයකට දිනා ගැනීමට නොහැකි විය. ඒ පිළිබඳ අවසන් වාර්තාව මැතිවරණ කොමිසම විසින් ඇයට ඉදිරිපත් කිරීමෙන්, දින තුනකට පසුව ජනාධිපතිවරිය මෙම ආරාධනාව සිදු කර ඇත.
කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් නොමැති බැවින්, 76 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව පක්ෂ දෙකක හෝ ඊට වැඩි ගණනක සහාය ඇතිව බහුතරය ඔප්පු කළ හැකි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට අගමැති ධූරය සඳහා ඉල්ලුම් කළ හැකි බව ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක සාගර් ආචාරියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරය සඳහා දෙසැම්බර් 25 වැනි දින සවස 5.00ට පෙර වන විට එවැනි ඉල්ලමක් ඉදිරිපත් කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය 275 දෙනෙකුගෙන් යුත් නව රජයක් පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් 138 දෙනෙකුගේ සහය අවශ්‍ය වන අතර, නේපාල කොංග්‍රසය ප්‍රමුඛ වත්මන් පාලක සන්ධානයට, තනිව නව සභාගයක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ තවත් ආසන දෙකක් පමණි.
ඉදිරි වසර පහ සඳහා නව සභාගයක් පිහිටුවීම පිළිබඳව නේපාලයේ ප්‍රධාන පක්ෂ පසුගිය දිනවල සාකච්ඡා කරමින් සිටි බව ද වාර්තා වේ.