සමාජ ආරක්ෂණය උදෙසා නව වැඩපිළිවෙළක්
2022-12-18 18:22:40
Share with:

රජය, සමාජ ආරක්ෂණ ආවරණයේ කිසිදු අඩුවක් සිදු කර නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ආර්ථික පුනර්ජීවන සහ ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

ලබන මාර්තු මාසයේ නව සමාජ සංරක්ෂණ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නැංවෙයි. ඊට අවශ්‍ය තොරතුරු මේ වනවිට එක්රැස් කරමින් පවතී. මහජන සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීමට පසුබට නොවන්නැයි අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. මෙරටට බලපාන ජාත්‍යන්තර තත්ත්ව හේතුවෙන් අපනයනය මෙන්ම මහජන අවශ්‍යතා පවත්වාගෙන යාමේ ගැටලු ද මතු ව ඇත. ජාතික සැලැස්මක් මත රට ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය  කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම