යුරෝපා සංගමය තම රටට එරෙහිව පනවා ඇති නව සම්බාධක නිෂ්ඵල බව රුසියාව පවසයි
2022-12-18 17:21:23
Share with:
යුරෝපා සංගමය තම රටට එරෙහිව පනවා ඇති නව සම්බාධක නිෂ්ඵල බව රුසියාව පවසයි.
රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය ඊයේ(17) මේ බව කියාසිටියාය.
පසුගිය 15වැනි දා, යුරෝපා සංගමයට අයත් විවිධ රටවල රාජ්‍ය නායකයෝ රුසියාවට එරෙහිව 9 වැනි වටයේ සම්බාධක පැනවීම සම්මත කළහ. මේ පිළිබඳව අදහස් දක්වමින් Maria Zakharova මහත්මිය පැවසුවේ, මීට පෙර සිදු වූ ආකාරයටම, නව සම්බාධකවලින් ද යුරෝපා සංගමයට අයත් රටවල සමාජයීය හා ආර්ථික ගැටළු උග්‍ර වනු ඇති බවයි. බලශක්ති හිඟය හා සම්බාධක පැනවීමෙන් ඇති වූ උද්ධමනය හේතුවෙන් එම රටවල ජනතාවට දැඩි පීඩා එල්ලවිය. ඔවුන්ට කාර්මිකකරණය අහිමි වනු ඇති බව ද රුසියා විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පවසයි.