ගෝලීය ජීව විද්‍යාත්මක අවි තහනම වෙනුවෙන් චීනයෙන් සක්‍රිය කාර්යභාරයක්
2022-12-18 15:53:17
Share with:

ජීව විද්‍යාත්මක අවි තහනම් කිරීමේ සම්මුතියේ, සමාලෝචන සමුළුවෙන් ධනාත්මක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා චීනය සක්‍රිය   කාරයභාරයක් ඉටුකරයි.

එම සම්මුතියේ 9 වැනි සමාලෝචන සමුළුව පසුගිය 16 වැනිදා ජිනිවාහි දී අවසන් විය. චීනයේ නිරායුධකරණය පිළිබඳ  තානාපති ලී සොන්ග් මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස එම සමුළුවට සහභාගි වූහ. චීන පාර්ශ්වයේ සක්‍රිය මෙහෙයවීම යටතේ එම සමුළුව අවසාන එකඟතාවට  පැමිණ ඇත. සම්මුතියේ ඵලදායීතාව තවදුරටත් ශක්තිමත් කොට, පූර්ණ අනුකූලතාව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් ස්ථාපනයට සමුළුව තීරණය කළේය.

වත්මන් ජාත්‍යන්තර තත්ත්වය යටතේ, එම සමුළුව මගින් ඉහත ප්‍රතිඵල ලබාගැනීම, මෑත වසරවල ජාත්‍යන්තර අවි පාලනය සහ නිරායුධකරණ ක්ෂේත්‍රයේ බහුපාර්ශ්වික ප්‍රයත්නවල වැදගත් කාර්යභාරයක් වන බව සමුළුවට සහභාගි වූ විවිධ පාර්ශ්වයන්ගේ විශ්වාසය යි.

1972 දී එළඹුණු ජීව විද්‍යාත්මක අවි තහනම් කිරීමේ සම්මුතිය, 1975 දී බලාත්මක වූ අතර මේ වනවිට රටවල් 184 ක් එහි සාමාජිකත්වය ලබා ඇත. චීනය 1984 නොවැම්බර් 15 වැනිදා සම්මුතියට එක්විය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම