ජෛව විවිධත්ව සමුළුවේදී චීන ජනපති පැවැත්වූ දේශනයට ජගත් පැසසුම්
2022-12-18 16:27:33
Share with:

ජෛව විවිධත්ව ගිවිසුමේ සාමාජිකයන්ගේ 15වැනි සමුළුවේ, (COP15) දෙවන අදියරේ උසස් පෙළ රැස්වීමේ සමාරම්භක උත්සවයේ දී චීන ජනාධිපතිවරයා පැවැත්වූ දේශනයට ජගත් ප්‍රජාවගේ ප්‍රශංසාව පළ වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ එම  දේශනයෙන් ගෝලීය ජෛව ශිෂ්ටාචාරය ගොඩනැගීම හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් චීන බුද්ධිය, චීන විසඳුම් හා චීන බලයේ දායකත්වය පිළිබිඹු වන බව ජගත් ප්‍රජාවගේ පිළිගැනීමයි.

එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුති ලේකම් කාර්යාලයේ විධායක ලේකම් Elizabeth Maruma Mrema මහත්මිය පැවසුවේ, ෂී ජින් පිං මහතා සිය දේශනයේ දී බහුපාර්ශ්විකත්වයේ වැදගත්කම අවධාරණය කරමින්, උසස් ජෛව පද්ධතියකින් හිමිවන ප්‍රායෝගික ප්‍රතිලාභ විග්‍රහ කළ බවයි. එය සාකච්ඡා ක්‍රියාවලිය ප්‍රවර්ධනය සඳහා ඉතා වැදගත් වන බව ඇය කියා සිටියාය.

පාකිස්ථානයේ තිරසර සංවර්ධන ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ, චීන පර්යේෂණ මධ්‍යස්ථානයේ උසස් පෙළේ උපදේශක හසන් ඩවුඩ් මහතා පැවසුවේ, 'එක් තීරයක් එක් මාවතක්' වැඩපිළිවෙළ හරිත සංවර්ධන ජාත්‍යන්තර ලීගය හා Kunming ජෛව විවිධත්ව අරමුදල පදනම් කරගනිමින් ගෝලීය ජෛව විවිධත්ව පාලනය වඩා යහපත් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් පෙන්වාදුන් බවයි.  චීනය එහි වගකීම භාර ගනිමින් නිසි මෙහෙයවීම ද සිදුකරනු ඇතැයි ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම