විද්‍යාත්මක පරීක්ෂණ සඳහා වන චීනයේ ප්‍රථම ගැඹුරු මුහුදු ජැටියේ මෙහෙයුම් ඇරඹේ
2022-12-18 15:17:38
Share with:

විද්‍යාත්මක පරීක්ෂණ සඳහා වන, චීනයේ ප්‍රථම ගැඹුරු මුහුදු ජැටියේ මෙහෙයුම් ආරම්භ වෙයි. එම ජැටියේ කටයුතු අද(18) නිල වශයෙන් ඇරඹුණේ ‘ හයියං භූ විද්‍යා අංක 2 ’ නමැති නවීන බහුකාර්ය නෞකාව එහි නැංගුරම් ලෑමත් සමගිනි. චීනයේ විශාලතම පරිමාණයෙන් යුතු විද්‍යාත්මක පරීක්ෂණ ජැටිය වන්නේ ද මෙයයි.

Guangzhou නගරයේ පිහිටි මෙම ජැටියේ වරකට නෞකා 5කට  නැංගුරම් ලෑමේ පහසුකම් සලසා තිබේ. වසර 200 ක් දක්වා ගංවතුර උවදුරු වළක්වාගත හැකිවීම ද මෙහි තවත් විශේෂත්වයකි. සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ සහ‍යෝගිතා සහ ගැඹුරු මුහුදු විද්‍යාත්මක නවෝත්පාදන සඳහා වන පුළුල් පහසුකමක් ලෙස ද මෙම ජැටිය සැලකේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම