හයිනන් අයිලන්ඩ් ජාත්‍යන්තර සිනමා උළෙල ඇරඹේ
2022-12-18 15:51:09
Share with:

සිව්වැනි  හයිනන් අයිලන්ඩ් ජාත්‍යන්තර සිනමා උළෙල ආරම්භ වේ.

චීන මාධ්‍ය සමූහය සහ හයිනන් පළාත් රජය එක්ව සංවිධාන කරන සිව් වැනි හයිනන් අයිලන්ඩ් ජාත්‍යන්තර සිනමා උළෙල අද (18) Sanya හිදී ඇරඹිණ.

චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කෙරුණු චිත්‍රපට 3 ක් සමාරම්භක උළෙලේ දී  සාර්ථකව ප්‍රදර්ශනය කෙරිණ. චීන මාධ්‍ය සමූහයේ චිත්‍රපට නිෂ්පාදන අංශය ලද නවතම ජයග්‍රහණය මෙයයි.

 "දීප්තියෙන් බබළන්න, සිනමාව හා එක්ව ඉදිරියට යන්න" සිව්වැනි හයිනන් අයිලන්ඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේ තේමාවයි.

මෙවර සිනමා උළෙලේ "ගෝල්ඩන් පෝල් සම්මානය" සඳහා ලොව පුරා රටවල් සහ කලාප 116 කින් චිත්‍රපට 3761 ක් ඉදිරිපත් කර ඇත. මින් "ගෝල්ඩන් පෝල් සම්මානය" සඳහා චිත්‍රපට 29ක් තෝරාගෙන තිබේ. එහිදී විශේෂයෙන් ස්ථාපිත "Asian New Generation" ඒකකය, ආසියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ නව ජීවගුණය ගවේෂණය කරමින් සිනමා  නිර්මාණකරණයේ නව දිශානතියක් දක්වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම