රබර් සහල් ගිවිසුමේ ජීවගුණය දෙරට සබඳතාවල ස්ථීර දියුණුවට මගපෙන්වයි
2022-12-18 16:39:45
Share with:

වසර 70 කට පෙර දිනක එනම්,  1952 දෙසැම්බර් 18 වැනිදා චීනය සහ ශ්‍රී ලංකාව බාධක රැසක් මැඩගෙන ඓතිහාසික රබර් සහල් ගිවිසුමට අත්සන් තැබීය. දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඉන් දොරටු විවර විය.

චීනය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට පෙර අත්සන් කළ එම ගිවිසුම බටහිර රටවල් විසින් චීනයට පනවා තිබූ සම්බාධක හා අවහිර කිරීම් බිඳ දැමූ සුවිශේෂී සිදුවීමකි. චීනය හා ශ්‍රී ලංකාව දුකේදීත් සැපේදීත් ළඟ හිඳින අවංක මිතුරන් බව එයින් සනාථ වේ. චීන-ශ්‍රී ලංකා සබඳතාවේ වටිනා නිධානය ලෙස රබර් සහල් ගිවිසුමේ ජීවගුණය දෙරටේ සබඳතාවල ස්ථීර දියුණුවට මග පෙන්වයි.

මේ සම්බන්ධයෙන්, සම්මානිත මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පසුගිය දා චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් රබර් සහල් ගිවිසුමේ ජීවගුණය හා වටිනාකම පිළිබඳව අදහස් පළකළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම