අප්‍රිකාවේ සමීප ම මිතුරා චීනය බව සමක ගිනියා ජනරජයේ ජනපති කියයි
2022-12-18 19:00:49
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකායන අභිලාෂය වන්නේ චීන ජනතාවට හදවතින් ම සේවය කිරීම බව සමක ගිනියා ජනරජයේ ජනාධිපති Teodoro Obiang Nguema Mbasogo මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ, චීන මාධ්‍ය සමූහය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා පවසන්නේ, චීන කොමියුනිස්ට් පක්ෂය, චීන සංවර්ධනය හා නවීකරණය තුළින් රට ඉහළ මට්ටමකට රැගෙන යමින් සිටින බවයි. සිය රට හා ජාතිය සවිමත් කිරීම එහි අරමුණයි. චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතාව අතර සමීප පැවැත්ම අධ්‍යයනය කර, එම අත්දැකීම් ඔස්සේ තම රටේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මගින් ද ප්‍රශස්ත කාර්යභාරයක් ඉටු කළ හැකිවෙතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

චීනය, සමක ගිනියාවට මෙන් ම සමස්ත අප්‍රිකාවටම  සහාය වූ පළමු මිතුරා බව පැවසූ හෙතෙම, අප්‍රිකානු රටවල් සංවර්ධනයේදී ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ බෙහෙවින් බලපෑ බව ද පෙන්වාදෙයි. එසේම එය අප්‍රිකානු රටවල වත්මන් ඌන සංවර්ධිත, දුෂ්කර තත්ත්ව පිටුදැකීම සඳහා වන පිළියමක් බව ද ජනාධිපතිවරයා කියාසිටී. අප්‍රිකාවේ ආර්ථික වර්ධනයට චීනය ලබා දී ඇති දායකත්වයට කෘතඥතාව  පිරිනැමිය යුතු ය.

චීනය කිසිවිටෙක, කිසිදු අප්‍රිකානු රටක් යටත් කරගෙන නොමැත. ඒවා යටත් කර ගනු ලැබුවේ බටහිර රටවල් විසිනි. ඔවුන් චීනය විවේචනය කරන්නේ චීනයට පීඩා එල්ලකිරීමේ අරමුණින් යුතුවයි. චීනය අඛණ්ඩ ව අප්‍රිකාවට සහාය වීම වැළැක්වීම  එම රටවල තවත් ඉලක්කයකි. එහෙත්, චීනය තම සමීප ම මිතුරා බව තමන් පසක් කර ඇති පැහැදිලි  සත්‍යයක් බව ද ජනාධිපතිවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම