රබර් ආනයනය දැඩිව සීමා කිරීමෙන් දේශීය රබර් මිල ස්ථාවර වේ
2022-12-18 15:27:58
Share with:

රබර් ආනයනය දැඩි නියාමනයකට ලක්කිරීමත් සමග දේශීය රබර් මිල ස්ථාවර වෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම, රබර් ආනයනයේ ශීඝ්‍ර පහළ යාමක් ද පෙන්නුම් කර ඇත.

දේශීය රබර් මිල පහත බැසීම සහ අතිරික්ත ආනයනය පිළිබඳ සොයාබැලීම සඳහා පත්කෙරුණු කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ඔක්තෝබර් මාසයේ දී මෙට්‍රික් ටොන් 4058 ක් වූ රබර් ආනයනය, නොවැම්බර් මාසය වනවිට මෙට්‍රික් ටොන් 2126ක් ලෙස 48% කින් පහළ ගොස් ඇත. එසේම, නොවැම්බර් හා සැසඳීමේ දී දෙසැම්බර් 10 වැනිදා වනවිට සමස්ත රබර් ආනයනය 77% කින් පහත වැටී තිබේ.

දේශීය සුළු පරිමාණ රබර් වගාකරුවන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත  වීමත් සමග ඊට හේතු සොයාබැලීම සඳහා මෙම කමිටුව පත්කෙරුණු අතර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, වාණිජ මණ්ඩලය හා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නියෝජිතයන්ගෙන් එය සමන්විත වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම