ඇල්ල සංචාරක කලාපය කඩිනමින් සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්
2022-12-17 14:32:38
Share with:

ඇල්ල සංචාරක කලාපය පුළුල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

සංචාරක, නාගරික සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ එක්ව, මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකසා තමා වෙත භාරදෙන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

ඇල්ල ව්‍යාපාරික සංගමය සමග ඊයේ (16) පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දී තිබේ.

ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමි ඇල්ල සංචාරක කලාපය විධිමත්ව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා, එහිදී සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම