චීන ලක්ෂණ සහිත නවීකරණයෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල නවීකරණය සාක්ෂාත් කිරීම සඳහා පුළුල් සංකල්ප
2022-12-17 16:50:44
Share with:

චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය, අප්‍රිකානු රටවල නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා නව සංකල්ප ලබා දී ඇතැයි කොංගෝ ජනරජයේ (බ්‍රසාවිල්) පාලක පක්ෂ මහලේකම්වරයා පවසයි.

කොංගෝවේ (බ්‍රසාවිල්) පාලක පක්ෂ මහලේකම් Pierre Moussa මහතා පසුගියදා Xinhua පුවත් ඒජන්සිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පැවසීය. 

චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණ මාවත සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශේෂයෙන් අප්‍රිකානු රටවල නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් අදහස් ලබා දී ඇති අතර, එම රටවල සංවර්ධන ගැටළු විසඳීමට උපකාර කර ඇති බව ද Pierre Moussa මහතා එහිදී පෙන්වා දුන්නේය.

චීනයේ සංවර්ධන ජයග්‍රහණවලින් දිරිමත් වන සංවර්ධනය වෙමින් පවතින රටවලට තම ජාතික තත්ත්වයන් අනුව, තමන්ට ගැලපෙන නවීකරණ මාවතකට අවතීර්ණ විය හැකි බව හෙතෙම සඳහන් කළේය.

චීනය සමඟ හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කොට යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය, තිරසර සංවර්ධනය සහ කර්මාන්ත යනාදී ක්ෂේත්‍රවල පොදු ජයග්‍රාහී සහයෝගිතාව අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට කොංගෝව (බ්‍රසාවිල්) බලාපොරොත්තු වන බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම