තම රට ලබන වසරේ ආර්ථික කඩාවැටීමකට ලක්වනු ඇති බව බහුතර ඇමරිකානුවන්ගේ අදහස යි
2022-12-17 16:26:57
Share with:

ලබන වසරේ ඇමරිකානු ආර්ථිකය අයහපත් අතට හැරෙනු ඇති බව, ජනමත විමසීමකට ලක්වූ ඇමරිකානුවන්ගෙන් 50%කට අධික පිරිසකගේ අදහස වී තිබේ.

එරට The Wall Street Journal පුවත්වත පසුගියදා සිදු කළ නවතම ජනමත විමසීමකින් මේ බව පෙන්නුම් කෙරේ.

බහුතර ඇමරිකානු ජාතිකයන් විශ්වාස කරන්නේ, 2023 වසරේ දී එරට ආර්ථිකය දැනට තිබෙන තත්ත්වයට වඩා නරක අතට හැරෙනු ඇති බවයි.

ඇමරිකාවේ ඛනිජ තෙල් මිල පසුගිය දා පහත වැටීම නිසා උද්ධමනය මන්දගාමී ව තිබියදීත්, ආර්ථික අවපාතයක අවදානම සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාවගේ ආකල්ප වෙනස් වී නොමැති බව එම පුවත්වත වාර්තා කළේය.

 "තම රට වැරදි මාවතක ගමන් කරන බව" බහුතර ඇමරිකානු  ජනතාවගේ අදහස වී ඇති බව ද ජනමත විමසුම අනාවරණය කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම