චීන - යුරෝපා සබඳතා නැංවීමට චීනයෙන් නව යෝජනා
2022-12-17 15:25:31
Share with:

චීනය සහ මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල් අතර සහයෝගිතාව පිළිබඳ ජාතික සම්බන්ධීකාරකවරුන්ගේ 17 වැනි සමුළුව පැවැත්වේ.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික විදේශ අමාත්‍ය  වං යී මහතා එහිදී දේශනයක් පවත්වමින්, චීනය සහ මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල් අතර සහයෝගිතා පුළුල් කිරීම උදෙසා යෝජනා 4ක් ඉදිරිපත් කළේය. 

ද්විපාර්ශ්වික එක්සත් භාවය හා මිතුදම තිරසර ලෙස අනුගමනය කිරීම, සහයෝගිතා පැවැත්වීම හා කාර්යක්ෂමතාව දියුණු කිරීමෙන් යුරෝපයේ වඩාත් සමබර සංවර්ධනයක් සහතික කිරීම, විවෘත භාවය හා පොදු ජයග්‍රහණ අනුගමනය කිරීම මෙන්ම පොදු අනුග්‍රහය ක්‍රියාවට නැවීම ඊට ඇතුළත් ය. විවෘත භාවය මනාව පුළුල් කරමින් මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල උසස් මට්ටමේ නිෂ්පාදන  චීනය අඛණ්ඩව  ආනයනය කරනු ඇත. කෘෂිකාර්මික නිෂ්පාදන හා ආහාර ආනයනය, ඊ-වාණිජ හා මූල්‍ය පිළිබඳඅන්‍යෝන්‍ය සබඳතා සහ සන්නිවේදනය මෙන්ම ප්‍රවාහන පහසුකම් ඇතුළු ක්ෂේත්‍රවල වර්ධනයට නව පියවර රැසක් ක්‍රියාත්මක කිරීම චීනයේ අපේක්ෂාව බව ද වං යී මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම