අපරාධකරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පමුණුවන ලෙස නියෝග
2022-12-17 15:03:38
Share with:

සංවිධානාත්මක අපරාධ කල්ලි සිදුකරන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පමුණුවන්නැයි මහජන ආරක්ෂක  අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලීසියට උපදෙස් දෙයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග  ඊයේ (16) පැවති රැස්වීමක දී ඇමතිවරයා එම උපදෙස් දුන්නේය.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක පොලිස් විමර්ශනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම එම රැස්වීමේ අරමුණ යි. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පිරිසක්  ඊට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම