ලෝකයට තිරසර ජයග්‍රාහී අවස්ථා රැගෙන එන චීනය
2022-12-17 20:53:31
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ, ආර්ථිකය පිළිබඳ වාර්ෂික රැස්වීම 15 සහ 16 දෙදින බෙයිජිං අගනුවර දී පැවැත්විණ. මෙම වසරේ ආර්ථිකය පිළිබඳ රාජකාරි සාරාංශගත කරමින් වත්මන් ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කොට, ලබන වසරේ ආර්ථික කාර්යභාරයන්ට අවශ්‍ය  මාර්ගෝපදේශ එම රැස්වීමෙන් ලබා දී තිබේ.

මෙම වසරේ ආර්ථිකය පිළිබඳ රැස්වීමෙන් පසු, චීන ලක්ෂණ සහිත නවීකරණය ක්‍රමානුකූලව ඉදිරියට යන ආකාරය නිරීක්ෂණයට පමණක් නොව, ඉන් ‍රැගෙන එන "නව අවස්ථා" මොනවාදැයි දැන ගැනීමට ජගත් ප්‍රජාව බලාපොරොත්තු වේ.

රැස්වීමේදී ඉදිරිපත් කෙරුණු "ආර්ථික ධාවනයේ සමස්ත දියුණුව ප්‍රවර්ධනය කිරීම" යන ප්‍රකාශය ලෝකයට වටිනා විශ්වාසයක් තිළිණ කර තිබේ. බහුවිධ සාධකවල බලපෑම යටතේ 2022 වසරේ දී ගෝලීය ආර්ථික වර්ධනය කැපීපෙනෙන ලෙස මන්දගාමී වී ඇති බවත්, 2023 වසරේ දී එය තවදුරටත් දුර්වල වනු ඇති බවත් දෙස්-විදෙස් අධ්‍යයන ගණනාවකින් පෙන්වා දී ඇත. මෙම පසුබිම යටතේ, චීනය, ලෝකයේ දෙවන දැවැන්තම ආර්ථික ඒකකය ලෙස, තම ආර්ථිකය ප්‍රශස්තව පවත්වාගෙන යාම, ඉතා තීරණාත්මක වේ.

දේශීය ඉල්ලුම පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ද එම රැස්වීම යෝජනා කළේය. මෙමගින් විවිධ රටවල ව්‍යවසායයන්ට චීන වෙළඳපොළට පිවිසීම සඳහා වැඩි  අවස්ථා සැලසෙනු නොඅනුමාන ය. එහිදී චීන වෙළඳපොළ, පොදු භාවිතය සඳහා වන ලෝක වෙළඳපොළක් මෙන්ම සෑම කෙනෙකුගේම වෙළඳපොළක් බවට පත් වනු ඇත.

නව බලශක්තිය, කෘත්‍රිම බුද්ධිය, හරිත, අඩු කාබන් යනාදී අතිනවීන තාක්ෂණයන්හි පර්යේෂණ හා සංවර්ධනය මෙන්ම යෙදවීම වේගවත් කළ යුතු බව ද රැස්වීම පෙන්වා දී තිබේ. අන්තර්ජාතික සමාගම්වලට  නව ආර්ථික ක්ෂේත්‍රවල වැඩි සංවර්ධනීය අවස්ථා ලබාගැනීමට එය උපකාර වනු ඇත.

බොහෝ රටවල් සඳහා ඉහළ මට්ටමේ විවෘතභාවය  අඛණ්ඩව ප්‍රවර්ධනය කරන චීනය, විදේශීය ආයෝජන ආකර්ෂණය කර ප්‍රයෝජනයට ගනු ඇතැයි ද එම රැස්වීමේදී අවධාරණය කෙරිණ. විදේශ ආයෝජනයන්ට වඩාත් පුළුල් හා සුරක්ෂිත වර්ධනීය අවකාශයක් ලබාදීම සඳහා චීනය පියවර මාලාවක් ක්‍රියාවට නංවමින් සිටී.

ලෝකයෙන් බැහැරව චීනයට දියුණු විය නොහැකිවා සේම, ලෝක සංවර්ධනය උදෙසා ද චීනය අවශ්‍ය වේ. චීන ලක්ෂණ සහිත නවීකරණය ස්ථාවරව හා දිගුකාලීනව ඉදිරියට ගෙන යන චීනය, ලෝකයට පොදු ජයග්‍රාහී අවස්ථා වැඩි වශයෙන් ‍රැගෙන එනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම