චීන - ලතින් ඇමරිකානු ව්‍යවසායක සමුළුව සාර්ථකව නිමාවෙයි
2022-12-17 15:27:24
Share with:

චීනය හා ලතින් ඇමරිකාව අතර 15 වැනි ව්‍යවසායක සමුළුව සාර්ථකව අවසන් වෙයි.

ඉක්වදෝරයේ Guayaquil නගරයේ දී 15 වැනිදා නිමා වූ එම සමුළුවේදී චීනය සහ ලතින් ඇමරිකානු හා කැරිබියානු කලාප අතර කර්මාන්ත සහ වාණිජ සහයෝගිතාව පිළිබඳ Guayaquil මුලපිරුම එළි දැක්විණ. 

තිරසර අන්‍යෝන්‍ය සබඳතා සහ සන්නිවේදනය පුළුල් කිරීම, නිර්මාණශීලි සහයෝගිතා ශක්තිමත් කිරීම, හරිත පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම හා ඩිජිටල් ආර්ථික වර්ධනය කඩිනම් කිරීම එම මුලපිරුමෙන් අවධාරණය කෙරේ. චීනයේ, ලතින් ඇමරිකානු හා කැරිබියානු කලාපවල නියෝජිතයෝ 300ක් මීට එක්ව සිටියහ. “පශ්චාත් වසංගත සමයේ පුනරුත්ථාපනය සාක්ෂාත් කිරීම, අන්‍යෝන්‍ය සබඳතා සහ මනා සන්නිවේදනයක් සහිත ලෝකයක් ගොඩනැගීම”  පිළිබඳව ඔවුන් මෙහිදී ගැඹුරින් අදහස් හුවාමරු කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම