ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුධයට විසදුම් සෙවීම සඳහා රුසියානු බලධාරීන් සමග සාකච්ඡා
2022-12-16 10:56:33
Share with:

රුසියාව සමඟ න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ (15) ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan  මහතා හමුවී ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කළ බව හෙතෙම පැවසීය.

ඉන්ධන අවශ්‍යතා, පිරිපහදු මෙහෙයුම්, ගල් අඟුරු සැපයුමේ අභියෝග සහ Rosatom සමඟ න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතාව සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණ. Rosatom යනු න්‍යෂ්ටික බලශක්තිය, න්‍යෂ්ටික බලශක්ති නොවන භාණ්ඩ සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සම්බන්ධයෙන් විශේෂිත වූ රුසියානු රජය සතු සංස්ථාවකි.

ශ්‍රී ලංකාවේ බොහෝ බලශක්ති ගැටලු විසඳීමට රුසියාවට උදව් කළ හැකි බව රුසියානු තානාපතිවරයා පැවසීය.

මේ වසර මුලදී ශ්‍රී ලංකාව බලශක්ති සැපයුම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් දැඩි අරගලයක නිරත විය. අනෙකුත් රටවල් සමඟ බලශක්ති සහයෝගීතාව සඳහා අවස්ථා සොයමින් සිටින අතර ඒ වෙනුවෙන් රුසියාවට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සදහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම