චීන - යුරෝපා සංගම් කර්මාන්ත පුරෝගාමීන්ගේ 5 වැනි සංවාදය පැවැත්වේ
2022-12-16 15:44:03
Share with:

චීනය හා යුරෝපා සංගමයේ කර්මාන්ත සහ වාණිජ පුරෝගාමීන් හා හිටපු නිලධාරීන්ගේ 5 වන සංවාදය පැවැත්වේ.

එම සංවාදය ඊයේ(15) මාර්ගගතව පැවැත්විණ. චීන - යුරෝපා සැපයුම් දාම සහයෝගිතාව හා ලෝක ආර්ථික පුනරුත්ථාපනය මෙන්ම වෙළඳාම හා ආයෝජන සහයෝගිතා ඇතුළු තේමා පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී තම අවංක අදහස් ගැඹුරින් හුවමාරු කරගත්හ.

චීන ජාත්‍යන්තර ආර්ථික හුවමාරු මධ්‍යස්ථානයේ ස්ථාවර උපසභාපති, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ආර්ථික කමිටු උපඅධ්‍යක්ෂ Bi Jingquan මහතා එහිදී පැවසුවේ, 2021 වසරේ චීන - යුරෝපා ද්විපාර්ශ්වික ගනුදෙනුව ඇමරිකානු ඩොලර් බිලියන 830ක් බවයි. මේ වසරේ මුල් මාස 10 තුළ වාර්තා වූ එම ගනුදෙනු ප්‍රමාණය පසුගිය වසරේ අගයට වඩා සියයට 6.3 ක වර්ධනයකි. මේ වසරේ සමස්ත ගනුදෙනු ප්‍රමාණය නව ඉහළ මට්ටමක් කරා ළඟා වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

චීනය හා යුරෝපය, දිගුකාලීන සහයෝගිතා හවුල්කාරීන් බව   යුරෝපා නියෝජිතයෙක් මෙහිදී  පැවසීය. යහපත් මෙන්ම ස්ථීර ආර්ථික හා වෙළඳ සබඳතාවක් දිගුකාලීනව පවත්වා ගනිමින්,  ලෝක ආර්ථික පුනරුත්ථාපනයට දෙපාර්ශ්වයම දායක විය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම