2022"ගෝලීය ක්‍රියාකාරී මුලපිරීම -- ක්‍රියාකාරී ගෝලීය සංවර්ධනය " විශේෂ මාධ්‍ය ක්‍රියාකාරකම ආරම්භ වෙයි
2022-12-16 11:53:25
Share with:

2022 වසරේ ක්‍රියාකාරී ගෝලීය සංවර්ධනය පිළිබඳ මාධ්‍ය ක්‍රියාකාරකම ආරම්භ වෙයි.

ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියට (COP15) අදාළ පාර්ශ්වයන්ගේ 15 වන සමුළුව ආරම්භ කිරීමට සමගාමීව, චීන මාධ්‍ය සමූහයට අයත් උතුරු ඇමරිකා මූලාස්ථානය "ගෝලීය ක්‍රියාකාරී මුලපිරීම -- ක්‍රියාකාරී ගෝලීය සංවර්ධනය 2022" දියත් කළේය. ගෝලීය දේශගුණික විපර්යාස සහ සංවර්ධන තිරසරභාවය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ රාජ්‍ය නායකයෝ තිදෙනෙක් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්, චීන මාධ්‍ය සමූහයේ බහුවිධ වේදිකා හරහා තිරසර සංවර්ධනය පිළිබඳ සංකල්පය වෙනුවෙන් පෙනී සිටින ලෙස ලොවට ඉල්ලීමක් කළහ.

ගයානා හි ජනාධිපති මොහොමඩ් ඉල්ෆාන් අලි මහතා ඇතුළු රටවල් රැසක සම්භාවනීය ආරාධිතයෝ ඊට සිය සුබ පැතුම් පළ කළහ. චීන මාධ්‍ය සමූහයේ මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිට, වාර්ෂිකව ලොව පුරා සිටින දේශපාලන නායකයින්, සමාජ සංවිධාන, ප්‍රවීණයන් සහ විද්වතුන් සඳහා ඔවුන්ගේ ප්‍රායෝගික ජයග්‍රහණ සහ වටිනා අත්දැකීම් බෙදා ගැනීමට වැදගත් වේදිකාවක් බවට පත්ව ඇති අතර එය මිලියන 400 කට අධික ජනතාවක් කරා ළඟා වේ.

"ගෝලීය ක්‍රියාකාරී මුලපිරීම -- ක්‍රියාකාරී ගෝලීය සංවර්ධනය 2022" මාධ්‍ය ක්‍රියාකාරකම යන මෙම විශේෂ වැඩසටහන දින හයක් පුරා පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම