ජාත්‍යන්තර ව්‍යවසායයන්ගෙන් චීනයට ඉහළ පිළිගැනීමක්
2022-12-16 19:58:51
Share with:

විවිධ රටවල ව්‍යවසායන්හි ආයෝජන සඳහා ඉහළින්ම  පිළිගැනෙන දේශයක් බවට චීනය පත්වනු ඇතැයි චීනය කියයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ අද (16) පැවති මාධ්‍ය හමුවේ දී ය.

චීනයේ ජර්මානු වාණිජ සංගමය සහ චීනයේ ඕස්ට්‍රේලියානු වාණිජ සංගමය, චීනයේ ක්‍රියාත්මක ජර්මානු හා ඕස්ට්‍රේලියානු ව්‍යවසායන් පිළිබඳව පසුගියදා කළ සමීක්ෂණයකින් පෙන්නුම් කෙරුණේ, බහුතර සමාගම් චීනයේ වෙළඳපොළ අවස්ථා සහ ලාභ සම්බන්ධයෙන් ශුභවාදී ආකල්ප දරන බවයි. මෑත කාලයේ චීනයේ වසංගත වැළැක්වීමේ ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සිදු ව තිබෙන බව චීනයේ ජර්මානු වාණිජ සංගමයේ සභාපතිවරයා පවසා ඇත.

මේ, සම්බන්ධයෙන් කරුණු දැක්වූ වං වෙන්බින් මහතා ඉහත අදහස්   පළකළේය.

වසංගතය වැළැක්වීම හා පාලනය කිරීම මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධනය  නිසියාකාරයෙන් මෙහෙයවා ගැනීමට චීනය සමත් විය. ඒ, ජන ජීවිතයට සහ ආර්ථික හා සමාජ සංවර්ධනයට බොහෝසෙයින් අඩු බලපෑමක් සිදුවන අයුරිනි. වසංගත පාලනය ප්‍රශස්ත කිරීමත් සමඟ චීනයේ ආර්ථික වර්ධනය අඛණ්ඩව ඉහළ යනු ඇතැයි ද වං වෙන්බින් මහතා පෙන්වා දුන්නේය. විවෘතභාවය හා සහයෝගිතාව ඓතිහාසික ප්‍රවණතාවක් යැයි චීනය තරයේ විශ්වාස කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම