ජෛව විවිධත්වය සුරකිමින් පෘථිවිය මත පොදු ප්‍රජාවක් ගොඩනැගීමේ වැදගත්කම තහවුරු කෙරේ
2022-12-16 21:53:49
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(15) රාත්‍රියේ කැනඩාවේ Montreal හි පැවති ‘ජෛව විවිධත්ව ගිවිසුමේ’ සාමාජිකයන්ගේ 15වැනි සම්මේලනයේ(COP15) දෙවන අදියරේ, උසස් පෙළේ සමුළුවේ සමාරම්භක උළෙලට වීඩියෝ ආකාරයෙන් එක්ව දේශනයක් පැවැත්වීය. ‘මානවයා හා සොබාදහමේ සුසංයෝගී පැවැත්ම තහවුරු කර, සමස්ත පෘථිවි ජීවන ප්‍රජාවක් උදෙසා පවිත්‍ර, විචිත්‍ර ලෝකයක් ගොඩනගමු ’ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය. මීට අදාළව යෝජනා 4ක් ද ඔහු විසින් ඉදිරිපත් කෙරිණ.

COP15 පළමු අදියරේ සමුළුව ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ නිරිතදිග චීනයේ Kunming හිදී පැවැත්විණ. ‘Kunming ප්‍රකාශනය' එහිදී සම්මත කෙරිණ. වසරකට පසුව, චීනය අඛණ්ඩ ව COP15 දෙවැනි අදියරේ සමුළුවේ ද සභාපතිත්වය දරමින් සිටී. චීනයේ සම්බන්ධීකරණය හා මෙහෙයවීම යටතේ, විවිධ පාර්ශ්වයන්ගේ එකඟතා රැස් කර, එක්ව ක්‍රියා කරමින් ගෝලීය ජෛව විවිධත්වය සුරැකීම ඉදිරියට මෙහෙයවීම සමස්ත‍ ලෝක ප්‍රජාවේ පොදු අපේක්ෂාවක් වී ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ දී අවධාරණය කෙරුණේ, චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය පූර්ණ වශයෙන් තහවුරු කරන බවයි. ‘මානවයා හා සොබාදහමේ සුසංයෝගී පැවැත්ම' එම නවීකරණයේ ප්‍රධාන සාධක 5 න් එකකි. ෂී ජින් පිං මහතා සිය දේශනයේ දී සඳහන් කළේ, අනාගතයේ චීනය ජෛව ශිෂ්ටාචාර සංවර්ධනය තවදුරටත් තහවුරු කරන බවයි. ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර සංසදය පැවැත්වීමට සහාය දැක්වීම ඇතුළු එහි පැවැත්මට අදාළ සෙසු කරුණුවලට චීනය දායක වනු ඇත. මෙවන් ක්‍රියාවන් මගින් තම සංවර්ධනය පමණක් නොව, සෙසු රටවලට ද කිසියම් පිටුබලයක් ලබාදීම කෙරෙහි චීනය අවධානය යොමුකිරීම විශේෂත්වයකි.

චීනයේ සක්‍රිය සම්බන්ධීකරණය හා මෙහෙයවීම යටතේ, සියලු පාර්ශ්ව අධිෂ්ඨානය පෙන්නුම් කළ යුතු ය. ‘2020 වසරින් පසු ලොව ජෛව විවිධත්ව රාමුව ’ සම්මත කිරීම වෙනුවෙන් ඉදිරිපත් විය යුතු ය. එසේම, පෘථිවිය මත ජීවන පොදු ප්‍රජාවක් ගොඩනැංවීමට මනා අවස්ථාවක් නිර්මාණය කළ යුතු ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම