ඉකුත් වසර තුනේ වසංගතයට එරෙහිව සටන් වැදුණු චීනය
2022-12-16 17:55:31
Share with:

ගෙවී ගිය වසර තුන තුළ, කොරොනා වෛරසය අඛණ්ඩව අනුවර්තනයන්ට ලක්වුණා. Alpha, Beta, Gamma, Delta, Omicron යන වෛරස් ප්‍රභේදවලින් නොකඩවාම මානව සමාජයට පෙර නොවූ විරූ අභියෝගවලට එල්ලවුණා.  එම වසර තුන තුළ චීනය දැවැන්ත  දුෂ්කරතා එකින් එක මගහැර උපරිම අන්දමින් වසංගත ව්‍යාප්තිය මර්දනයට ප්‍රයත්න දැරුවා.

ඩෙල්ටා ප්‍රභේදයේ සිට ඔමික්‍රොන් ප්‍රභේදය දක්වා පරිවර්තනය වීමේදී, වෛරස්වල ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩු වන බව අප දන්නා කරුණක්. කෙසේ වුවද ඔමික්‍රොන් ප්‍රභේදය පුළුල්ව ව්‍යාප්ත වීමට පෙර කාලයේ, චීනය වසංගත පාලනය අඛණ්ඩව ලිහිල් කළේ නැහැ. ඒ වෙනුවට මානව හා සමාජ සම්පත් විශාල ලෙස යොදාගෙන එන්නත්කරණය හා ඖෂධ පර්යේෂණය සිදුකිරීමට පියවර ගැනුණා.

ඔමික්‍රොන් ප්‍රභේදය චීනයෙන් මතු වූයේ 2021 වසර අගදී යි. එය චීනයේ වසංගත පාලනයට නව අභියෝගයක් වුණා. එහි ව්‍යාප්ත වීමේ වේගය, මුල් ප්‍රභේදවල වේගයට වඩා දහස් ගුණයකින් වේගවත් බව  ඇතැම් විශේෂඥයන් පැවසුවා. 

ඊට සමගාමීව, ඔමික්‍රොන් වෛරසය, ‘උණ ප්‍රභේදයක් ’පමණක් බවත්, චීනය සිය වසංගත පාලනය ලිහිල් නොකිරීමට හේතුවක් නොමැති බවත් විදේශ රටවල් ප්‍රචාරය කළා.

චීනය එම කාලය තුළ වසංගත පාලන ප්‍රතිපත්තිය ලිහිල් නොකිරීමට හේතු,  දත්ත තුළින් මනාව වටහා ගත හැකියි. 

චීනයේ මූලික හා වැදගත්ම ජාතික තත්ත්වය වන්නේ එහි සුවිශාල ජනගහණය යි. එය බිලියන 1.4ක් තරම් විශාල අගයක්. 2021 වසර අග වන විට චීනය  සපුරා තිබූ එන්නත් වාර ගණන, බිලියන 2.84 ක් පමණයි.   2022 දෙසැම්බර් මාසය වන විට එම ගණන, බිලියන 3.45ක් දක්වා වැඩි වුණා. මේ අලුතින්  එන්නත් කෙරුණු ජනගහණය අතරින් බහුතර පිරිස, වැඩිහිටියන් හා දරුවන් වීම විශේෂත්වයක්. ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්ත වූ මුල් කාලයේ චීනය වසංගත පාලනය ලිහිල් නොකළේ, වැඩි පිරිසක් එන්නත්කරණය සඳහා කාලය අවශ්‍ය වීම නිසයි.

චීනය සිය වසංගත පාලන ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට  තීරණය කළේ, මෑතකදී ඔමික්‍රොන් ප්‍රභේදයේ ලක්ෂණ පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගෙන ඊට අවශ්‍ය  ඖෂධ ද පර්යේෂණය කර එළිදක්වා, ඉන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර අවසන් වීමෙනුත්  අනතුරුවයි.

චීනය මුල සිටම බටහිර රටවලට වඩා වෙනස් වසංගත පාලන මාර්ගයක් තෝරාගත්තා. ‘ජනතාව බිලිගැනීම නොතකා වසංගතය අවසන් වන තුරු බලා සිටීම’  කිසිදා, කිසිවිටෙක චීනයේ  ක්‍රියාත්මක නොවන ප්‍රතිපත්තියක්. එවන් පිරිවැයක්, චීනයට දරා ගත නොහැකියි. සමහර අවස්ථාවලදී, තෝරා ගැනීමක් සිදුකිරීම ඉතා අසීරුයි. විශේෂයෙන් කෝටි සංඛ්‍යාත ජනතාවකට අදාළ වන තීරණයක් ගැනීමේදී සුවිශාල තාර්කික ධෛර්යයක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නැහැ. කෙසේ වුවත්, චීනය වසංගත පාලන ප්‍රතිපත්තිය සැකසීමේදී සෑමවිටම අනුගමනය කරන එකම මූලධර්මය වන්නේ, ජනතාවට මූලිකත්වය ලබා දීම ම පමණයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම