කොවිඩ් පාලනයට චීනය දැරූ ප්‍රයත්නය සාර්ථකයි
2022-12-16 16:52:39
Share with:

කොවිඩ් 19 මුලින්ම ව්‍යාප්ත වන විට එම රෝගය ලෝකයට ආගන්තුකය. ඒ වෙනුවෙන් නිශ්චිත ඖෂධ හඳුනාගන නොතිබුණු යුගයක විවිධ රටවල් අවශ්‍ය ප්‍රතිකාර සොයා ගැනීමට ඉතා වෙහෙස වී කටයුතු කළ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය ද යොමු විය. බොහෝ රටවල් අදාළ වැළැක්වීමේ පියවර ක්‍රියාත්මක කිරීම ආරම්භ ක‌ළේය. චීනය ද නව එන්නත් සොයා ගැනීමේ කාර්යයට උර දී කටයුතු කලා පමණක් නොව සෙසු රටවලට අවශ්‍ය මුව ආවරණ, සෞඛ්‍ය උපකරණ ලබා දීමේ ප්‍රමුඛයා ද වූ බව ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා ගමගේ මහත්මිය පවසයි. බිලියන 1.4ක ජනගහනයක් කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම උදෙසා චීනය විද්‍යාත්මක සහ පාරම්පරික ‌ඖෂධ කෙරේ දැක්වූ විශ්වාසයන් මගින් සාර්ථකත්වයන් ලබා ගැනීමට සමත්විය.

රෝගය පාලනය කිරීමට සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවද දායක කර ගනිමින් චීන සෞඛ්‍ය අංශ දිවා රෑ නොබලා කටයුතු කළ ආකාරය පිළිබඳව මාධ්‍යයෙන් දුටු බව ඇය කියා සිටී. බිලියනයකට වැඩි ජනතාවක් කොරොනා වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට කාර්යක්ෂම සෞඛ්‍ය පද්ධතියක් ඉතා කෙටි කාලයකින් ස්ථාපිත කිරීමට චීන පරිපාලනය සමත් වීම ලෝකයට වසංගතයෙන් මිදීමට ලබා දුන් පූර්වාදර්ශයකි. රෝගය දැඩිව පාලනය කිරීමට අඛණ්ඩව වසර කිහිපයක් පුරාම චීනය උත්සාහ දැරුවේ සෙසු ආසියාවේ මෙන්ම දියුණු බටහිර රටවල් පවා රෝගය නොතකා හරින මොහොතකය. රෝගය පාලනය කරමින් කොවිඩ් පාලන ප්‍රතිපත්ති අඛණ්ඩව සුරකිමින් ආර්ථික සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කිරීමටට චීනය සමත් විය. මේ වන විට ආර්ථික සහ සාමාජීය වශයෙන් චීනය එහි සාර්ථක ප්‍රතිඵල භුක්ති විදිමින් සිටින අයුරු දක්නට තිබෙන බව ද ශානිකා ගමගේ මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම