මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතුයි - ජනපති අවධාරණය කරයි
2022-12-16 14:15:54
Share with:

රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (15) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය.‍

රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහයක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය.

වතුකරයේ සිසුන් සඳහා පාසල් ලබා දීම, බදුල්ල මහ රෝහලේ ගැටළු නිරාකරණය කරමින් සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීම සහ විදෙස් සංචාරකයින් සඳහා හදිසි අනතුරු වාට්ටුවක් ස්ථාපිත කිරීම, වාරි මාර්ග සංවර්ධනය ඇතුළු එම පළාතේ ගැටළු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ.

අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් ඊට එක් වූහ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම