ජනතාවට නිවැරදි තොරතුරු සැපයීමේ වගකීමක් අන්තර්ජාල සමාගම්වලට ඇතැයි චීනය කියයි
2022-12-16 19:34:26
Share with:

ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ වගකීමක් අන්තර්ජාල සමාගම්වලට ඇති බව චීනය කියාසිටී.

අන්තර්ජාලයේ චීන ජාතික ගීයේ සෙවුම් ප්‍රතිඵල හැසිරවීම ප්‍රතික්ෂේප කරමින්  Google සමාගම ඊයේ(15)  ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වන බවයි. 

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, වැරදි තොරතුරු පළ කරමින් ජනතාව මුළා කිරීම වෙනුවට ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ වගකීමක් අන්තර්ජාල සමාගම්වලට ඇති බවයි. විශේෂයෙන් ම ජාතික ගීය වැනි ජාතික අභිමානය සම්බන්ධ ප්‍රශ්නවලදී  අන්තර්ජාල සමාගම් දැඩි අවධානය යොමු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම